කළුතර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෝරුවල ප්රදේශයේදී සැකකටයුතු ලෙස ධාවනය වූ ත්රිරෝද රථයක් නතර කරන ලෙස සංඥා කර ඇත. කෙසේ වෙතත්, එම නියෝගය නොතකා ත්රිරෝද රථය වේගයෙන් ධාවනය කර තිබේ.
පොලිස් නිලධාරීන් විසින් එම ත්රිරෝද රථය කිලෝමීටර් 04ක පමණ දුරක් ලුහුබැඳ ගොස් නාගොඩ ප්රදේශයේදී වෙඩි තබා නතර කර ගැනීමට කටයුතු කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් ත්රිරෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔහු ප්රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ පුද්ගලයා කළුතර රජවත්ත ප්රදේශයේ ක්රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ත්රිරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී මත්ද්රව්ය තොගයක් ද සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර