කසකස්තානයේ SCAT ගුවන් සේවය විසින් ඊයේ (25) දින සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සිය ගුවන් ගමන් යළි ආරම්භ කරන ලදී.

2026/27 ශීත ඍතු සංචාරක සමය ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ගමන් සේවාව යළි ආරම්භ කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර පවතින ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මෙම පියවර මගින් ශීත ඍතු සමයේදී වැඩි වශයෙන් විදේශීය සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමටත්, දේශීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීමටත් අපේක්ෂා කෙරේ.

AI illustration; not a photograph of the reported event.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version