දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්රධාන ජලාශ 17ක් සහ මධ්ය පරිමාණ ජලාශ 13කට අධික සංඛ්යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව වාර්තා වේ.
ජලාශවලට ලැබෙන ජල ධාරිතාව අනුව ඉදිරියේදී වාන් දොරටු විවෘත කර තබන ප්රමාණයන් වෙනස් විය හැකි බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.
මේ හේතුවෙන් දැදුරු ඔය, මී ඔය සහ කලාවැව ආශ්රිත ප්රදේශවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින්, එම ගංගා දෙපස සහ පහළ ප්රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව බලධාරීන් අවධාරණය කරයි.
දැනටමත් ඇතැම් ජලාශවල වාන් දොරටු විවෘත කර විශාල ජල ප්රමාණයක් ගංගා වෙත මුදා හැරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, ආපදා කළමනාකරණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර