ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායිකා සහ ප්රවීණ ක්රීඩිකා ශෂිකලා සිරිවර්ධන ඕස්ට්රේලියාවේ වරම් දිනාගෙන ඇත. ඇය ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තය නියෝජනය කරන ප්ලෙන්ටි වැලි (Plenty Valley) ක්රිකට් සමාජයේ කාන්තා කණ්ඩායමේ ප්රධාන පුහුණුකාරිනිය ලෙස පත් කර තිබේ.
ලැබුණු වාර්තාවන්ට අනුව, ඇය 2027 වසර දක්වා මෙම තනතුරේ කටයුතු කිරීමට නියමිතය. සිය ක්රිකට් දිවියේ අත්දැකීම් උපයෝගී කරගනිමින් නව පරපුරේ ක්රීඩිකාවන් පුහුණු කිරීමට ලැබීම පිළිබඳව ඇය සිය සතුට පළ කර තිබේ.
ඕස්ට්රේලියානු ක්රිකට් නිල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, පුහුණුකාරිනියක ලෙස සිය වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට මෙය කදිම අවස්ථාවක් බවයි. ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශෂිකලා සිරිවර්ධනගේ මෙම පත්වීම ශ්රී ලාංකික ක්රීඩිකාවන්ට ලැබුණු ගෞරවයක් ලෙස සැලකේ.
