රට පුරා ක්රියාත්මක කෙරෙන මත්ද්රව්ය විරෝධී විශේෂ මෙහෙයුම් මාලාව යටතේ, වයස අවුරුදු 21ට අඩු තරුණයින් සහ දරුවන් 11,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ පසුගිය වසරක කාලසීමාව තුළදීය. මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගේ ග්රහණයට හසුවී සිටි මෙම පිරිස, මත්ද්රව්ය බෙදාහැරීමේ සහ ජාවාරම් කිරීමේ කටයුතු සඳහා යොදාගෙන තිබූ බව අනාවරණය වී ඇත.
මෙවැනි විශේෂ මෙහෙයුම් ක්රියාත්මක නොවුණේ නම්, මත්ද්රව්ය ජාවාරමේ ගොදුරු බවට පත්වන තරුණ පිරිස මීට වඩා ඉහළ අගයක් ගනු ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ක්රියාත්මක කළ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් තරුණ පරපුර මත්ද්රව්ය ජාලයන්ට හසුවීම සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට හැකිවී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
AI illustration; not a photograph of the reported event.
