වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් දිවයින පුරා ගෙවතු වගාව දිරිගැන්වීම සඳහා පොල් පැළ ලක්ෂ 05ක් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අද (01) රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැත්වීමට නියමිතය.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත පොල් පැළ 9,000ක් බෙදාදීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව ඇත.

පවුල් ඒකකවල ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දේශීය පොල් වගාව ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version