වන අලින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘හස්ති සේනා’ විශේෂ මෙහෙයුම යටතේ කලාවැව උතුර ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත. පරිසර අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම මෙහෙයුම ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (04) දින ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැටලීමේදී නීතිවිරෝධී දඩයම් කටයුතු සඳහා භාවිත කරන තුවක්කු, පතරොම්, වෙඩි බෙහෙත්, මූනිස්සම් මෙන්ම මදු සහ හක්කපටස් ඇතුළු උපකරණ රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

එමෙන්ම, දඩයම් කරන ලද සතුන්ගේ මස් සහ මුව අං ද වැටලීමේදී සොයාගෙන ඇත. වනසතුන් ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී දඩයම් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව අදාළ අංශ පවසයි.

AI illustration; not a photograph of the reported event.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version