පදවිය පොලිස් වසමේ බෝගස්හන්දිය ප්‍රදේශයේදී පසුගිය 03 වන දින සිදු වූ කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පදවිය පොලිසිය සමත්ව ඇත.

මෙම සැකකරුවන් විසින් ලොරි රථ රියදුරෙකුට පහර දී එම ලොරි රථය, ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 80,000ක මුදලක් කොල්ලකා තිබූ බව පොලිසිය පවසයි.

විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස අවුරුදු 28ත් 43ත් අතර පසුවන පදවිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද ලොරි රථය, ජංගම දුරකථන දෙක සහ අත් ඔරලෝසුවක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version