ලෝක විද්‍යා දිනයට සමගාමීව, 2026 ජාතික විද්‍යා සතිය අද (10) සිට ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කර සිටී.
ඊයේ (9) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙවර ජාතික විද්‍යා සතියේ තේමාව ‘ජාතික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම’ යි.
මෙම තේමාව සාක්ෂාත් කර ගැනීමේ වැදගත් පියවරක් ලෙස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ‘විද්‍යාව වෙළෙඳපොළට’ (Science to Market) වැඩසටහන ලබන 13 සිට 15 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන මගින් පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන්, නව නිපැයුම්කරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් එකම වේදිකාවකට ගෙන ඒමට කටයුතු යොදා ඇත. එහිදී දැනුම හුවමාරු කර ගැනීමට, නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ඒවා වාණිජකරණය කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
එමෙන්ම, මෙම වැඩසටහන මගින් පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට නැගී එන නව තාක්ෂණයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත්, විද්‍යාත්මක උනන්දුව වර්ධනය කර ගැනීමටත්, රටේ පර්යේෂණ හා නවෝත්පාදන පද්ධතිය සමඟ සම්බන්ධ වීමටත් අවස්ථාව උදා වේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම ජාතික විද්‍යා සතියේ වැඩසටහන් සඳහා සහභාගී වන ලෙසයි. ජාතික විද්‍යා සතියේ සමාරම්භක උත්සවය අද (10) කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ (Industrial Technology Institute – ITI) පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
AI illustration; not a photograph of the reported event.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර