ශ්‍රී ලාංකේය තරුණ පරපුර නවීන කෘෂිකර්මාන්තය වෙත නැඹුරු කරවීම සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා නංවාලීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ ‘Agripreneur Boost Camp – 2026’ පුහුණු කඳවුර සාර්ථකව අවසන් වී තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාවට සමගාමීව සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහන, ඇතුන්ගම ජාතික තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේදී දින තුනක් පුරා ක්‍රියාත්මක විය.
දිවයින පුරා පිහිටි ජාතික තරුණ සේවා සභාවේ කෘෂි පුහුණු මධ්‍යස්ථාන 14ක් නියෝජනය කරමින් අභ්යාසලාභী තරුණ තරුණියන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. නවීන තාක්ෂණය, කෘෂිකාර්මික න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ලබාදීම මෙහිදී විශේෂයෙන් සිදු කෙරිණි.
ඇතුන්ගම ගොවිපළ ආදර්ශමත් කෘෂි පුහුණු ගොවිපළක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින්, සහභාගී වූ කණ්ඩායම් විසින් අක්කර 28ක භූමි භාගයක වගා කටයුතු සඳහා බිම් සකස් කර පැළ සිටුවීම සහ නඩත්තු කිරීම සිදු කරන ලදී.
පුහුණු වැඩසටහනට සමගාමීව ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම විනෝදාත්මක අංග සහ දීපාවලි සැමරුම් වැඩසටහන් ද සංවිධානය කර තිබූ අතර, අභ්‍යාසලාභීන්ගේ දක්ෂතා ඇගයීම සඳහා විශේෂ තරගයක්ද පැවැත්විණි.
මෙම පුහුණු කඳවුරේ සමාප්ති උත්සවය ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, සභා අධ්යක්ෂ මණ්ඩල සාමාජික රුවන් හේවාසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර