ත්රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්යාපීඨයේදී පැවැති ශ්රී ලංකා ගුවන් හමුදාවේ නව නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා සහභාගී විය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදා විද්යාපීඨයේ සේනාවිධායක එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්.පී.ඒ.එච්. පෙරේරා යන මහත්වරුන් විසින් ආරක්ෂක ලේකම්වරයාව උත්සව භූමිය වෙත පිළිගනු ලැබීය.
මෙම විසිර යාමේ පෙළපාලිය තුළින් පිරිමි නිලධාරීන් 29 දෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් 14 දෙනෙකු ඇතුළු නව නිලධාරීන් 43 දෙනෙකු ගුවන් හමුදා සේවයට එක්වීම සනිටුහන් විය. මොවුන් විවිධ පාඨමාලා සහ බඳවා ගැනීම් යටතේ සිය පුහුණුව සාර්ථකව නිම කර තිබේ.
නව නිලධාරීන් අමතමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, තමන්ට ලැබුණු වගකීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව දැනුම හා තාක්ෂණය සමඟ යාවත්කාලීන වීමේ වැදගත්කමයි. එසේම, ආණ්ඩුක්රම ව්යවස්ථාවට සහ නීතියට ගරු කරමින් වෘත්තීය මට්ටමින් කටයුතු කරන ලෙස ඔහු නව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා හිටපු ගුවන් හමුදාපතිවරුන්, ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින්, රාජ්ය තාන්ත්රිකයින් මෙන්ම නව නිලධාරීන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර