ශ්රී ලංකාවේ FOTON වාහන සඳහා වන බලප්රාප්ත නියෝජිත ඉන්ද්රා ට්රේඩර්ස් පෞද්ගලික සමාගම, සිය පාරිභෝගිකයන් වෙත ලබාදෙන අලෙවියෙන් පසු සේවාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජා-ඇල ප්රදේශයේ අති නවීන සේවා මධ්යස්ථානයක් විවෘත කර ඇත.
වාණිජ වාහන හිමිකරුවන්ට තම වාහන නඩත්තුව සඳහා වැයවන කාලය අවම කරගැනීමට සහාය වීම මෙම නව මධ්යස්ථානයේ මූලික අරමුණයි. මෙහිදී වාහන අලුත්වැඩියාව, රෝග විනිශ්චය (Diagnostics), නිල අමතර කොටස් ලබාදීම සහ පුහුණු කාර්මික ශිල්පීන්ගේ සේවාවන් එකම වහලක් යටින් ලබාගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවේ.
ඉන්ද්රා ට්රේඩර්ස් කළමනාකාර අධ්යක්ෂ රුෂන්ක සිල්වා මහතා පෙන්වා දුන්නේ, ඉදිරියේදී මෙරටට හඳුන්වා දීමට නියමිත මීටර් 12ක් දක්වා වූ විශාල වාහන සඳහා අවශ්ය සේවා පහසුකම් සැපයීමට මෙම නව මධ්යස්ථානය මගින් හැකිවන බවයි. සමාගම දැනටමත් රුපියල් මිලියන 200කට අධික වටිනාකමින් යුත් අමතර කොටස් තොගයක් පවත්වාගෙන යයි.
2006 වසරේ සිට චීනයේ FOTON සමාගම සමඟ පවතින දීර්ඝකාලීන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, වාහනයක් අලෙවි කිරීමෙන් ඔබ්බට ගොස් එහි භාවිත කාලසීමාව පුරාම විශ්වාසනීය සේවාවක් ලබාදීමට සමාගම කැපවී සිටින බව එහිදී වැඩිදුරටත් ප්රකාශ කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර