ප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සිය 66 වැනි උපන්දිනය නිමිත්තෙන් මෙරට වන අලි සම්පත ආරක්ෂා කරගැනීමේ අරමුණින් රුපියල් කෝටි 10ක (මිලියන 100ක) පෞද්ගලික ධන පරිත්යාගයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය දිනවල කාවන්තිස්ස ඇතාට සිදු වූ අවාසනාවන්ත ඉරණම හේතුවෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බවත්, එම අත්දැකීමෙන් පාඩමක් උගනිමින් මෙවැනි තීරණයක් ගත් බවත් ඒ මහතා පවසයි. සතුන් කෙරෙහි තමන් තුළ ඇති ආදරය සහ බැඳීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සිය ෆේස්බුක් සටහනක් මගින් ප්රකාශ කර තිබේ.
මෙම මුදල් පරිත්යාගය විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා රටේ පිළිගත් විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා විවෘත අරමුදලක් පිහිටුවීමට නියමිතය. ඒ සඳහා නිසි ක්රමවේදයක් සකස් කරන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම, මෙම වැඩපිළිවෙළට ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා ද සම්බන්ධ කරගනිමින් සත්ව සුබසාධනය වෙනුවෙන් පුළුල් ජාතික කතිකාවතක් නිර්මාණය කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් ප්රකාශ කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර