අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එබැවින් ඒ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව අවදානයෙන් සිටින්නැයි එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.
Author: Editor
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර, ඒ හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
2026 වසර සඳහා අද (06) පළමුවරට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතයි. ඊට අමතරව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පසුගිය දෙසැම්බර් 28 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමටද නියමිත බවයි සඳහන් වෙන්නේ. එසේම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම…
2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ආදිය තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් 2026 ජනවාරි මස 12 දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,362 ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර…
වෙනිසියුලා රාජ්‍යය තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසනවා. වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා. බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව ද එමඟින් අවධාරණය කර තිබෙනවා. වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය…
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බවත්, තමන් වෙත එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය පිළිබඳ වන චෝදනා හතරටම තමා නිවැරදිකරු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මදුරෝට එරෙහි මීළඟ නඩු විභාගය මාර්තු 17 වන දිනට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ද පැවැත්වූ අතර, වෙනිසියුලානු තානාපති සැමුවෙල් මොන්කාඩා ප්‍රකාශ කළේ මෙය කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති “අනවසර සන්නද්ධ ප්‍රහාරයක්” බවයි. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති Mike Waltz එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින්…
ඔහුගේ නීතිඥ බැරී පොලැක් පැවසුවේ, මදුරෝව හමුදාමය වශයෙන් පැහැරගැනීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු පවතින බවයි. ස්වෛරී රාජ්‍යයක නායකයෙකු ලෙස මදුරෝට නඩු පැවරීමෙන් ආරක්ෂාව ලැබීමට අයිතියක් ඇති බව පෙන්වා දීමට තමන් උත්සාහ කරන බව ඔහුගේ නීතිඥවරයා මෙහිදී පවසා තිබුණා. දැනට බෘක්ලින්හි MDC රැඳවුම් මධ්‍යස්ථානයේ ෆෙඩරල් රැඳවුම් භාරයේ සිටින මදුරෝ සහ ෆ්ලෝරස් දහවල් කාලයේදී විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් හමුවේ පෙනී සිටියා. අධිකරණ ශාලාවට ඇතුළු වන විට මදුරෝ එතැන සිටි අයට සුබ උදෑසනක් පවසමින් ආචාර කළ බව සඳහන්. මදුරෝ මාංචු දමා තැඹිලි පැහැති සිරකරු සෙරෙප්පු පැළඳ අධිකරණයට රැගෙන එන ලද අතර, ඔහු තම බිරිඳට අසුන් දෙකක් එපිටින් වාඩි වී තිබුණා. ඔවුන් දෙදෙනාම අධිකරණය මගින් සපයන…
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා තිබේ. මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක් මෙලෙස තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. එහිදී මොස්කව්හි පිහිටි වුනුකෝවෝ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ප්‍රහාරය සඳහා පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 27ක් ද විනාශ කර තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ. ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
කොලොම්බියානු ජනාධිපතිවරයා “අසනීප පුද්ගලයෙකු” (Sick man) බවත්, ඔහු ඇමරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බව සඳහන්. මේ අනුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ (Gustavo Petro) අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම උත්සන්න කරමින්, ට්‍රම්ප් විසින් පෙට්‍රෝව දැඩි විවේචනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොලොම්බියාව තුළ පවතින මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා ඇමරිකානු හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් බවත් ට්‍රම්ප් ඉඟි පලකර තිබෙන බවයි සඳහන්.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර