අමෙරිකානු හමුදා අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අද (05) නිව්යෝර්ක් හි මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා. මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු වේලාවෙන් අද රාත්‍රී 10.30ට මෑන්හැටන් ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්. ඔවුන් දෙපළට එරෙහිව “මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම” සහ ත්‍රස්තවාදී කුමන්ත්‍රණ ඇතුළු බරපතල චෝදනා රැසක් ගොනු කර තිබෙනවා.
Author: Editor
වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (05) රැස්වීමට නියමිතයි. ඒ හදිසි රැස්වීමක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම රැස්වීම පවත්වන බවයි සඳහන්. මෙම හමුව එරට වේලාවෙන් අද පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බවයි සඳහන්. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සම්බන්ධ වන බව විදෙස් වාර්තා කරනවා. කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් විසින් ඉකුත් (03) වැනිදා මෙසේ හදිසි රැස්වීමක් ඉල්ලා සිටියා.
2026 වසරට අදාලව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙය 2025 වසරේ උපයාගත් සැබෑ ආදායමට වඩා අඩු අගයක් වීම විශේෂත්වයක් වන අතර, වාහන ආනයනය අඩුවීම මීට ප්‍රධාන හේතුවක්. වෙළඳපොළ තුළ වාහන පිරී පවතින බැවින් 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී වාහන ආනයනය අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ යනු ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසන්නේ. 2025 දෙසැම්බර් 30 වන විට රේගුව රුපියල් බිලියන 2,540.3ක සම්පූර්ණ ආදායමක් එකතු කර ඇති අතර, එය මීට පෙර පැවති රුපියල් බිලියන 1,500ක පැවති ඉහළම ආදායම් වාර්තාව බිඳ හෙලීමක්. දිත්වා සුළි…
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද (05) වැනිදා ආරම්භ කෙරෙනවා. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. මෙම 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ඉකුත් මස (09) වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මත ක්‍රියාත්මකයි.
පසුගිය වසරේ දී පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් රුපියල් මිලියන 1042 ක ආදායමක් උපයා තිබෙනවා. මෙය 1975 වසරේ දී අලි සංරක්ෂණාගාරය ආරම්භ කිරීමෙන් පසු වාර්තාගත ආදායම ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ. පසුගිය වසරේ දී පින්නවල අලි ඇතුන් නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් එක්ලක්ෂ අනූතුන්දහස් හයසිය පනස්හයදෙනෙකු පැමිණ තිබෙනවා. එමෙන්ම දේශීය සංචාරකයන් හාරලක්ෂ තිස්අටදහස් තුන්සිය හැටහතරදෙනෙකු පැමිණ ඇති බව පින්නවල අලි සංරක්ෂණාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා පවසනවා. ඒ අනුව 2025 වසරේ දී මෙම මධ්‍යස්ථානයෙන් රුපියල් මිලියන 1042කට අධික ආදායමක් ඉපැයීමට හැකිවුණා.
පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) ක් පමණ දක්වා ඉහළ යා හැක. ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන…
ඊයේ (02) මහියංගනය පොලිස් වසමේ රන්දොලියගල ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහියංගනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 20,27,28 හා 29 වයස්වල පසුවනතෙල්දෙනිය, රජවැල්ල හා මිනිපේ ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (03) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලටයි මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ. ඊට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වය යටතේ ජලය සැපයීම සිදුවෙනවා. කෙසේ නමුත් හදිසි බිදවැටීම යථාවත්කර අද (03) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරනවා.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (3) දහවල් 11 සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ‘The Light and the Lotus: Relics of the Awakened One’ ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය දිල්ලිහි රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දීමටයි කටයුතු කළේ. ෙකපිලවස්තුපුර පිප්‍රාවා ප්‍රදේශයෙන් සොයාගෙන නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ සහ කොල්කටාහි ඉන්දීය කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන ධාතූන් වහන්සේ මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. පසුගියදා වෙන්දේසියකින් නිදහස් කරගත් මිල කළ නොහැකි මුතු – මැණික් එකතුවක් ද මේ අතරට අයත්. මෙම මුතු මැණික් එකතුව මෙලෙස ඉන්දියාවේදී ප්‍රදර්ශනයට එක්කෙරෙන්නේ වසර 127කින් පසුවයි.
පාරිසරික නීතිය දැඩි ලෙස උල්ළංඝණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පසුගිය දිනවල අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යු වුට්ලර් පැවසුවේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් පැමිණිලි රැසක්ද ලැබී ඇති බවය. ඒ අනුව ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින පාරිසරික ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයිද ඔහු පවසන ලදි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර