Browsing: ලංකා ව්‍යාපාර

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ළදරු හා වැඩිහිටි ඩයපර්ස් අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 7කට නීතිමය පියවර ගෙන තිබේ.

‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නීතිමය පියවර ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ උපන්දිනය සහ ඇයගේ අග්‍රගන්‍ය කලා මෙහෙවර උදෙසා උපහාර පිදෙන ‘ජාතියේ යශෝරාවය’ විශේෂ වැඩසටහන සැප්තැම්බර් 22 දින පැවැත්වේ.

2026/27 මහ කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ පහකගේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක කළුගඟ ජල ව්‍යාපෘතිය නියමිත කාලයට නිම කිරීමට පියවර ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ඔක්තෝබර් මස 28 වනදා කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.