Browsing: ලංකා ව්‍යාපාර

මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද (31) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය.

රථවාහන තදබදය වැඩි නාගරික ප්‍රදේශවල රෝගීන් වෙත කඩිනමින් ළඟා වීම සඳහා 1990 සුව සැරිය නව යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දශක හතක කාලයක් පුරා ඉටු කළ අනුපමේය සේවය අගයමින් ආචාර්ය සුජාතා අත්තනායකයන් වෙනුවෙන් විශේෂ හරසර ප්‍රණාම උළෙලක් පැවැත්විණි.

ජපාන රජයේ මූල්‍ය ආධාර මත කොළඹ වරාය පරිශ්‍රයේ ඉදිකළ නව පස් මහල් වරාය සෞඛ්‍ය කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරිණි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය විරෝධය පළ කරයි.

ශ්‍රී ලංකා රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා ඔක්තෝබර් 01 දින සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප ලැබී සිටි චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළි බන්ධනාගාරගත කර තිබේ.