Browsing: ලංකා ව්‍යාපාර

ආර්ථික අර්බුදයෙන් මිදීම පමණක් රටක අවසාන ඉලක්කය නොවන බවත්, තිරසාර අනාගතයක් සඳහා පුළුල් ආයතනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

හොලිවුඩ් රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවති පාසල් ක්‍රිකට් තරගයකින් අනතුරුව විදුහල්පතිවරුන් දෙපළක් අතර ඇති වූ මතභේදාත්මක සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ.

මැලේසියාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයන් තිදෙනෙකු අද දිවයිනට රැගෙන ඒමට නියමිතය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 37ක කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 53%ක් සම්පූර්ණ වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත හරහා අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට රජය පියවර ගෙන තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමූහික වගකීම පිළිබඳව මේ වනවිට නීතිමය හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

පිරිසිදු දේශයක් ගොඩනැගීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘අත්තම’ ජාතික පවිත්‍රතා වැඩසටහන කොලොන්නාව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.