Browsing: ලංකා ව්‍යාපාර

රත්මලාන – කඳවල මාර්ගයේ පවතින ගංවතුර ගැටලුවට විසඳුම් ලෙස මාර්ගය සහ කාණු පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් ලබා දී තිබේ.

කැලණි ගඟේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක සහභාගීත්වයෙන් හරිත දේශගුණ අරමුදලේ කලාපීය සංවාදය සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට බේරුවල දක්වා මුහුදු ප්‍රදේශවලට කුඩා බෝට්ටු මගින් ධීවර කටයුතුවල නිරත වීම තහනම් කර තිබේ.

තායිලන්තයේ සිට තෑගි පාර්සලයක් ලෙස මෙරටට එවා තිබූ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.

ගල්කිස්ස පන්සල පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව ගිනිඅවිය සැපයූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ සයිමා, කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය සහ සමාජ මාධ්‍ය කටයුතු මෙහෙයවූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ ප්‍රථම වරට පැවැත්වෙන ඓතිහාසික සිතුවම් ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

2008 වසරේ දෙහිවල ප්‍රදේශයේදී සිදු වූ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.