Browsing: ලංකා ව්‍යාපාර

ප්‍රසිද්ධ ආපනශාලාවක් වන ‘මිස්ටර් කොත්තු’ හි හිමිකරු විසින් තම සේවකයකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඩෙංගු රෝග කළමනාකරණය සහ පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ නව සී.ටී. ස්කෑන් යන්ත්‍රය භාර ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් පිළිකා රෝගීන් 800කට අධික පිරිසකගේ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබේ.

තමන්ට ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා ‘කුලියට ඉන්න අපි’ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පස්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වේ.

මෙරට රජයේ රෝහල් පද්ධතියේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන් පුළුල් කරමින් නවීනතම කැත් රසායනාගාර ඒකක 04ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Xiaomi ශ්‍රී ලංකා සමාගම සිය නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර, Abans සමඟ එක්ව One Galle Face හි නව ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කළේය.

තෙල්දෙණිය ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය භෞතික චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබේ.

දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව අවධාරණය කළාය.