Browsing: ලංකා ව්‍යාපාර

ශ්‍රී ලංකා රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා ඔක්තෝබර් 01 දින සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප ලැබී සිටි චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළි බන්ධනාගාරගත කර තිබේ.

පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ‘V – ප්‍රමිති’ ජාතික වැඩසටහන අද (28) පිටකොටුවෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ නොමිලේ ක්‍රියාත්මක වන 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ දස වසරක සැමරුමට සමගාමීව ප්‍රථම වරට මහා ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්විණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගොනු කළ රිට් පෙත්සම අද යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘සුපිළිපන් සතිය’ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ආරම්භ විය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රකිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘අඛණ්ඩතා සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩසටහන ආරම්භ කෙරේ.

ජාතික සුපිළිපන් සතිය නිමිත්තෙන් වෙළඳපොළේ අලෙවි වන පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරේ.