Browsing: ලංකා ව්‍යාපාර

මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.

බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම ප්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර එල්ල වූවක් බව පොලීසිය පවසයි.

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.

ජනාධිපති නිල නිවාස සහ හිටපු අමාත්‍යවරුන්ගේ නිල බංගලා මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට රජය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් විශේෂ සාකච්ඡාවකට එක් විය.

කොළඹ දිස්ත්‍රික්කයේ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.