Browsing: ශ්‍රී ලංකාව

හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා පසුගිය කාලසීමාව තුළ වාහන 167,569ක් බෙදාහැරීමට කටයුතු කර ඇති අතර ආනයනකරුවන් සඳහා විශේෂ සහන රැසක් ද හඳුන්වා දී තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට සහන සැලසීම සහ ඔවුන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදුණු රණවිරුවන්ගේ කලාත්මක කුසලතා එළිදැක්වෙන ‘බ්‍රේව් හාට්ස්’ කලා ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය කොළඹදී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති 1818 ක්ෂණික ඇමතුම් සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ආපදා අවදානම් කළමනාකරණය සහ ඒ සඳහා තරුණ පරපුරේ දායකත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් කොළඹදී පැවැත්විණි.

ඉන්දියාව සමඟ පැවති සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

රජයේ විශ්වවිද්‍යාලවල පවතින නේවාසිකාගාර හිඟයට විසඳුම් ලෙස නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට සහ පවතින ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඉංගිරිය, හඳපාංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.