Browsing: ශ්‍රී ලංකාව

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ පළමු සහ දෙවන කලාප සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා සංචාරකයන් සඳහා වසා තැබේ.

තඹලගමුව පොලිස් වසමේ ජයපුරම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තොරතුරු වෙත පිවිසීමේ ගැටලුවක් මතුව තිබේ.

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, සිය ශූරතාව රැක ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමේ පාඨමාලාව සාර්ථකව නිම කළ සාමාජිකයින් 36 දෙනෙකු විසිර යාමේ උත්සවය ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

ප්‍රකට කර්ණාටක සංගීත ශිල්පිනී එම්.එස්. සුබ්බුලක්ෂ්මිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රශ්මිකා මන්දන්නා තෝරාගෙන තිබේ.

වසර ගණනාවකින් ඇණහිට තිබූ පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දෙයි.