Browsing: ශ්‍රී ලංකාව

රැම්සා තෙත්බිමක් වන මාදු ගඟේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සංචාරක බෝට්ටු නියාමනය කිරීමට සහ නව නීති රීති හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 37 වැනි මහා උපාධි ප්‍රදානෝත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි 5125ක් සමඟ පුද්ගලයෙකු මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ ගෞරවය සුරකිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා නව අධ්‍යාපන සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

ඉන්දියාවේ දිල්ලි නුවර පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් ආරක්ෂක අංශ විසින් පුද්ගලයින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙට්‍රෝ දුම්රිය ස්ථාන රැසක් වසා දමා ඇත.

බුත්තල ප්‍රදේශයේ ගොවියෙකුගෙන් රුපියල් දසදහසක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර වන නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහරගම අපේක්ෂා රෝහලේ රෝගී සත්කාර සේවාවන් සහ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කළමනාකරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ අන් අයගේ විවාහ මංගල්‍යයන් සහ පෞද්ගලික ජීවිත විවේචනය කරන පිරිස් වෙත රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා සිය විරෝධය පළ කරයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරුව ඒබී ඩිවිලියර්ස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේදී පන්දු 37කින් ශතකයක් වාර්තා කරමින් යළිත් සිය පිතිකරණ හැකියාව ලොවටම පෙන්වා දී තිබේ.