Browsing: ශ්‍රී ලංකාව

බොලිවුඩ් නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ හිටපු කළමනාකාරිනිය වූ දිශා සාලියන්ගේ මරණය සම්බන්ධයෙන් මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුවේ අධිකරණ තීන්දුව කතෝලික සභාව පිළිගන්නා නමුත්, එයින් යුක්තිය ඉටුකිරීමේ මෙහෙයුම අවසන් වී නැතැයි කොළඹ අගරදගුරු පදවියේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පවසයි.

රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධවලින් 95%ක් මේ වනවිටත් සපයා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් පාලන පද්ධතියට සම්බන්ධ කේබලයක් අත්වැරදීමකින් කැපී යාම හේතුවෙන් ගුවන් ගමන් සිය ගණනක් ප්‍රමාද වී තිබේ.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී යාන්ත්‍රණයන් සහ ජාතික ආරක්ෂක රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡා වටයක් කොළඹදී පැවැත්විණි.

ජාති, ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස රට ගොඩනැගීමට එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දශක තුනක යුද සමයේදී රට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගැටලු විසඳීම සඳහා රජය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඩිජිටල් තාක්ෂණය හමුවේ දරුවන් මුහුණ දෙන අවදානම් අවම කිරීම සඳහා ජාතික හා කලාපීය මට්ටමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.