Browsing: ශ්‍රී ලංකාව

ඉතාලි පාසල් තුළ බුර්කා සහ නිකාබ් ඇඳුම් තහනම් කිරීමටත්, විදේශීය සිසුන්ගේ දෙමාපියන් සඳහා භාෂා පාඩම් අනිවාර්ය කිරීමටත් අගමැතිනි ජෝර්ජියා මෙලෝනි යෝජනා කරයි.

සෑම වසරකම සැප්තැම්බර් 23 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබේ. ශ්‍රව්‍ය බාධිත පුද්ගලයින් වෙනුවෙන් අන්තර්කරණීය සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කොච්චිකඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ලියාපදිංචි නොකළ අධි බලැති යතුරුපැදි තුනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

ගාල්ල වීරපාන ප්‍රදේශයේ නව කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානයක් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ඉන්දියාවේ ටීස්ටා ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය දින කිහිපයක් වයසැති අලි පැටවෙකු ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් සිය ජීවිත අවදානමට ලක් කර බේරාගෙන තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට වරදකරු වූ 15 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් දීර්ඝකාලීන සිරදඬුවම් නියම කර තිබේ.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය හෙට (24) සිට ඩිජිටල්කරණය කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබූ 2009 අංක 35 දරන පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය ලබා දී තිබේ.