Browsing: ශ්‍රී ලංකාව

ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවන ක්‍රමවේදය වෙනස් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් 48 දෙනෙකු සඳහා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක නවීන වාරි පද්ධති ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගොනුකර තිබූ රථවාහන අනතුරකට අදාළ නඩුවක විභාගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් ඇතුළත් පාලනයක් කරා ගමන් කරන බවත්, රටේ සංවර්ධන ගමනට එක්වන ලෙස ජාත්‍යන්තර පාර්ශ්වයන්ට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 10 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ජෙරුසලම ආසන්නයේ පිහිටි කලන්ඩියා සරණාගත කඳවුරේ ඊශ්‍රායල හමුදා සිදු කළ මෙහෙයුමකින් පලස්තීනුවන් 51 දෙනෙකු තුවාල ලබා තිබේ.

කොරියාව, ජපානය සහ අබුඩාබි ඇතුළු රටවල් කිහිපයක් සමඟ විදේශ රැකියා ගිවිසුම් අත්සන් කර ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.