Browsing: ශ්‍රී ලංකාව

මාතලේ ඕවිල්ල ගම්මානයේ පවුල් 42කට රජයෙන් ලබාදුන් ඉඩම් සහ ආධාර සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල සිදුකරන අසත්‍ය ප්‍රචාර පිළිබඳව ගම්වාසීන් කරුණු පැහැදිලි කරයි.

ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය කරන බව පෙන්වමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 80කට අධික මුදලක් විදේශ රටවලට යැවීමේ චෝදනා මත මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවර ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය සැප්තැම්බර් 14 සිට 19 දක්වා දිවයින පුරා ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පාතාල නායක ‘කොණ්ඩ රංජි’ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

රඹුක්කන – මාවනැල්ල දුම්රිය මාර්ගයේ පිහිටි ඓතිහාසික කැබැල්ලවත්ත ගල් බිංගෙය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

නෝර්වුඩ් පොලිස් වසමේ පොට්ටු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

රන් ආලේපිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කෙරේ.