Browsing: Featured

දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල හිඟයකට මුහුණ දී සිටින ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් සඳහා පානීය ජලය සැපයීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක සමස්ත ජල ධාරිතාව 37% දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාවේ අභ්‍යවකාශ දියත් කිරීම් සඳහා වැයවන පිරිවැය අනෙකුත් රටවල් හා සැසඳීමේදී ඉහළ අගයක් ගන්නා බව නවතම පර්යේෂණයකින් හෙළි වේ.

යාපනය දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් 75 දෙනෙකු සඳහා ජනාධිපති අරමුදල මඟින් රුපියල් ලක්ෂය බැගින් මූල්‍ය ආධාර පිරිනැමීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී ජංගම දුරකථන වාරික ගෙවීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් එකම පවුලේ තිදෙනෙකු කඳු බෑවුමකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ ඔඩිෂාහි පැවති මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ දිල්හානි ලේකම්ගේ රිදී පදක්කමක් සහ සුමේධ රණසිංහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බස් ලලිත්’ නමැත්තා අගෝස්තු 25 වන දින දිවයිනට රැගෙන ඒමට නියමිතය.

ඉතාලිය බලා ගමන් ගත් සංක්‍රමණික බෝට්ටුවක් ටියුනීසියානු වෙරළ ආසන්නයේදී පෙරළී යාමෙන් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන් වී තිබේ.

ස්වීඩනයේ ෆැගර්ස්ටා නගරයේ පාසලකට කඩුවකින් සන්නද්ධව පැමිණි හිටපු සිසුවෙකු සිදුකළ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.