Browsing: Featured

අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ දේපළ කිහිපයක් පිළිබඳ තොරතුරු පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය සම්පත අඩුවීම සහ ඊට බලපාන සාධක පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) උපදෙස් ලබා දී තිබේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

ස්විට්සර්ලන්තයේ තුසිස් නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක හටගත් දරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදන්ව ඇති අතර තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පල්ලෙපේරුව ප්‍රදේශයේ අලකොළ අරාව අමුණ සහ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස අලෙවි කළ රුපියල් මිලියන 1.5ක් වටිනා භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.