Browsing: Featured

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේම දේශයේදී කඩුලු 9කින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ විශාල වෙනසක් සිදුවී තිබේ.

මොරටුව අඟුලාන මුහුදු සීමාවේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු, ප්‍රදේශවාසී ධීවරයන්ගේ සහය ඇතිව නාවික නිලධාරීන් 11 දෙනෙකු බේරාගෙන තිබේ.

සිම්බාබ්වේ රාජ්‍යයේ කරිබා විලේදී යාත්‍රාවක් පෙරළී යාමෙන් ළමුන් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු මියගොස් තිබේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කරමින්, මැලේසියාවේ සැඟවී සිටි පාතාල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් අබුඩාබි ජාතික තෙල් සමාගමට අයත් නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. සතියක් තුළ සිදුවූ තුන්වන ප්‍රහාරය මෙය බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් BBC මාධ්‍ය ආයතනයට එරෙහිව පවරා ඇති ඩොලර් බිලියන 10ක අපහාස නඩුවට අදාළව ඔහුගේ පවුලේ සමීපතමයන්ගෙන් සාක්ෂි ලබාගැනීමට BBC නීතිඥයන් පියවර ගෙන තිබේ.

ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේදී තම මව සහ බාල සොහොයුරා ඝාතනය කළ 17 හැවිරිදි තරුණයෙකු පිළිබඳව විමර්ශන ආරම්භ වී තිබේ.

ගල්කිස්ස, හුළුදාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 8ක් වටිනා පාසල් පෙළපොත් තොගයක් නීතිවිරෝධී ලෙස අලෙවි කළ පුද්ගලයින් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරු සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා කෘතිය වන ‘විහඟ ප්‍රේමය’ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ.