Browsing: Featured

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගොනුකර තිබූ රථවාහන අනතුරකට අදාළ නඩුවක විභාගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් ඇතුළත් පාලනයක් කරා ගමන් කරන බවත්, රටේ සංවර්ධන ගමනට එක්වන ලෙස ජාත්‍යන්තර පාර්ශ්වයන්ට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 10 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ජෙරුසලම ආසන්නයේ පිහිටි කලන්ඩියා සරණාගත කඳවුරේ ඊශ්‍රායල හමුදා සිදු කළ මෙහෙයුමකින් පලස්තීනුවන් 51 දෙනෙකු තුවාල ලබා තිබේ.

කොරියාව, ජපානය සහ අබුඩාබි ඇතුළු රටවල් කිහිපයක් සමඟ විදේශ රැකියා ගිවිසුම් අත්සන් කර ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

පසුගිය වසරේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ගල්නෑව ප්‍රදේශයේ පවුලක් සඳහා ඉදිකළ නව නිවසක් ඔවුන් වෙත භාර දී තිබේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ ලිංගික අපයෝජන වසන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව් මෙක්සිකෝ අධිකරණයක් මෙටා සමාගමට දැවැන්ත වන්දියක් ගෙවීමට නියම කර තිබේ.

කොළඹ නගරයේ පැරණිතම පෙරහැර මංගල්‍යයක් වන කොල්ලුපිටිය වාලුකාරාම වාර්ෂික ඇසළ පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරුන් දෙපළක් කොළඹ අගරදගුරු හිමිපාණන් හමුවී කරුණු පැහැදිලි කර තිබේ.