Browsing: Featured

පොලිස් නිෂ්කාශන සහතික අයදුම්පත් සම්බන්ධයෙන් විමසීම් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් නව වට්ස්ඇප් (WhatsApp) අංකයක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුමට විද්‍යාත්මක හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම අරමුණු කරගත් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සඳහා වන ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබේ.

කිතුල්ගල මන්නකැටිය ඇල්ලේ දියනෑමට ගිය දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදන්ව තිබේ.

ලෝක ප්‍රකට පොප් ගායිකා මැඩෝනා වයස 68දීත් සිය ශාරීරික යෝග්‍යතාව සහ ශක්තිය පවත්වා ගැනීමට අනුගමනය කරන විශේෂ ආහාර රටාව පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස, කොළඹ අතිරේක දිසා අධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filing) පහසුකම අගවිනිසුරුතුමන්ගේ නිරීක්ෂණයට ලක්විය.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් පොලී ප්‍රතිපූර්ණ පහසුකම් සහිත රුපියල් මිලියන 10ක් දක්වා වූ නව නිවාස ණය යෝජනා ක්‍රමයක් DFCC බැංකුව විසින් හඳුන්වා දී තිබේ.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු අංශයේ පළමු සහකාර ලේකම්වරිය ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්වරයා හමුවිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ ලැප්ටොප් පරිගණකයේ මුරපදය වෙනත් මාර්ගයකින් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.