Browsing: Featured

ලෝකප්‍රකට බ්‍රිතාන්‍ය රූපවාහිනී තරුවක් සහ වනජීවී සංරක්ෂණවාදියෙකු වූ බිල් ඔඩී වයස අවුරුදු 85 දී අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට රජය අපොහොසත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ දේවාලයකදී මී ගසක අත්තක් කඩා වැටීමෙන් 65 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පැතිර යන දරුණු ලැව්ගිනි පාලනය කිරීම සඳහා ජනාධිපති ඉම්මානුවෙල් මැක්‍රොන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

ටියුනීසියාවේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය හමුවේ ජනාධිපති කයිස් සයිඩ් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.

යුපුන් අබේකෝන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ මධ්‍යයේ, හිටපු මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා පරිපාලනයේ අතීත අසාධාරණකම් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

ස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සුපුන් සෝමතිලක සිව්වන ස්ථානය දිනා ගත්තේය.

රජයේ ආයතනවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ජූලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතියක් ක්‍රියාත්මක කෙරේ.

ඇමෙරිකාවේ සියැටල් නගරයේ පැවති වාර්ෂික ආහාර උත්සවයක් අතරතුර හටගත් වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක දහම් පාසල වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව තානාපති කාර්යාලය පවසයි.