ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය. රට තුළ මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ විවාදයට එක්වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පැමිණි බව වාර්තා වේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරිණි. මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමට නියමිතව තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version