තමන්ට සාධාරණ ගෙවීමේ ක්‍රමයක් යටතේ ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා ‘කුලියට ඉන්න අපි’ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන සත්යග්රහ ව්‍යාපාරය අද (25) පස්වන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඉතා උණුසුම් අන්දමින් පැවැත්වේ.
වසර ගණනාවක් තිස්සේ අධික කුලී මුදල් ගෙවමින් දුෂ්කර ජීවිතයක් ගත කරන තමන්ට, රජය මැදිහත් වී ස්ථීර නිවසක් ලබා දෙන්නේ නම්, දැනට කුලී ලෙස ගෙවන රුපියල් 35,000ක මුදල නිවාස වාරික ලෙස ගෙවීමට සූදානම් බව විරෝධතාකරුවෝ පවසති.
දිවයින පුරා විසිරී සිටින සාමාජිකයින් 5,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන මෙම සංවිධානය, තම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
එළඹෙන බදාදා දිනය වන විටත් තම ඉල්ලීම්වලට නිසි විසඳුමක් නොලැබුණහොත්, බ්‍රහස්පතින්දා දිනයේ සිට තෝරාගත් සාමාජිකයින් 100 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ද එම සංවිධානයේ ක්‍රියාකාරීහු වැඩිදුරටත් අනතුරු අඟවති.
