වීරකැටිය ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ පෞද්ගලික ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය තැනැත්තා සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සංවිධානයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ 30 හැවිරිදි හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පවසන පරිදි, මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව තිබේ. තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදමුලන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගැටුම අතරතුර සැකකරුගේ මවද තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version