මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නවතම රාජ්‍ය මූල්‍ය වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16 (5) වන උපවගන්තියේ සඳහන් නෛතික ප්‍රතිපාදනවලට අනුකූලවය.

අදාළ පනත මගින් රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම අරමුණු කර ඇති අතර, එහි විධිවිධාන පරිදි මෙම වාර්තාව සකස් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අදාළ ලේඛන මුදල් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා බාගත කර ගැනීමේ හැකියාව පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version