වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමීව හෙට (06) දින සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සාමාන්‍ය බස් සේවා සඳහා සියයට 12ක ගාස්තු වැඩිවීමක් සිදුකර ඇති අතර, කිලෝමීටර් 100ට වැඩි දුර ගමන් සඳහා සියයට 20ක ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇත.

සුඛෝපභෝගී බස් සේවාවන් සඳහාද මෙම ගාස්තු සංශෝධනය බලපායි. කිලෝමීටර් 100ට අඩු සුඛෝපභෝගී සේවා සඳහා සියයට 12ක වැඩිවීමක් සහ කිලෝමීටර් 100ට වැඩි දුර ගමන් සඳහා සියයට 15ක වැඩිවීමක් සිදුකර ඇත. අභියාචනාධිකරණයේ පවතින නඩුකරයක් හේතුවෙන් අර්ධ සුඛෝපභෝගී සේවාවන් සඳහා ගාස්තු සියයට 1.5ක ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ.

මෙම නව සංශෝධනයත් සමඟ බස් රථවල අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ යනු ඇත. මීට අමතරව, මගීන් බහුලව භාවිතා කරන අනෙකුත් ගාස්තු මට්ටම්ද රුපියල් 44, 56, 69, 82 සහ 95 ආදී වශයෙන් සංශෝධනය කර ඇත.

මෙම ගාස්තු ඉහළ දැමීම අන්තර් පළාත්, මෙට්‍රෝ සහ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ ඇතුළු සියලුම බස් සේවාවන් සඳහා පොදුවේ බලපැවැත්වෙනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version