පසුගිය පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තණමල්විල, බෝධාගම ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් වයස අවුරුදු 47 සහ 63ක් වූ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
මීට අමතරව කෝපායි ප්‍රදේශයේදී පාපැදියක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 72 හැවිරිදි පාපැදිකරුවෙකු මියගොස් ඇති අතර, හික්කඩුවේදී ලොරි රථයක ගැටීමෙන් 72 හැවිරිදි පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වේයන්ගොඩ, බණ්ඩාරනායක මාවතේදී සිදුවූ අනතුරකින් බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු ද, කැකිරාව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් 47 හැවිරිදි පදිකයෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.
