කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් උතුරු ප්‍රදේශයේ සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා යාල ජාතික වනෝද්‍යානයේ කුමන පිවිසුම අද (10) දින සිට විවෘත කිරීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම පිවිසුම ජූලි මස 24 වන දින දක්වා බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විවෘතව පවතිනු ඇත. වනෝද්‍යානය හරහා ගමන් කිරීමේදී බැතිමතුන්ගේ ආරක්ෂාව මෙන්ම වනජීවී පරිසරයේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

පවතින වියළි කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් වන සතුන්ගෙන් සිදුවිය හැකි බලපෑම් අවම කර ගැනීමට සහ බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි. වන සතුන්ට බාධාවක් නොවන පරිදි ගමන් කිරීමටත්, පරිසරයට හානි නොවන අයුරින් අපද්‍රව්‍ය බැහැර කිරීමටත් බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කෙරේ.

පාද යාත්‍රා බැතිමතුන්ගේ ආරක්ෂාව සහ මගපෙන්වීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ද ඒකාබද්ධව රාජකාරි කටයුතුවල නිරත වන බව අදාළ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version