ගලේවෙල සහ දැරණියගල යන ප්‍රදේශවලින් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට අදාළ පොලිස් ස්ථාන සමත්ව තිබේ.

ගලේවෙල පොලිස් වසමේ වයඹ ඇලේ පීලිපාලම අසල තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත. මියගොස් ඇත්තේ 82 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මානසික ආබාධයකින් පෙළුණු අයෙකු බවත්, පසුගිය 13 වන දින රාත්‍රියේ නිවසින් අතුරුදන්ව සිටි බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ අතර, දැරණියගල පොලිස් වසමේ බෝපකන්ද ඔයේ තිබී තවත් මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා 27 හැවිරිදි දැරණියගල පදිංචිකරුවෙකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දැරණියගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version