ජනප්‍රිය හොලිවුඩ් නළු රොබට් පැටින්සන් බැට්මෑන් චරිතයට පණ පොවන ‘The Batman II’ චිත්‍රපටය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂ මැට් රීව්ස් විසින් නිල වශයෙන් තහවුරු කර ඇත්තේ, මෙම නිර්මාණය 2028 පෙබරවාරි 18 වැනිදා සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිත බවයි.

මීට පෙර 2026 වසරේදී සහ පසුව 2027 වසරේදී නිකුත් කිරීමට සැලසුම් කර තිබූ මෙම චිත්‍රපටය, මෙලෙස නැවත වරක් කල් දමා ඇත්තේ එහි පසු නිෂ්පාදන කටයුතු වඩාත් ගුණාත්මකව නිම කිරීම සඳහා අධ්‍යක්ෂවරයාට වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් බව වෝනර් බ්‍රදර්ස් සමාගම සඳහන් කරයි.

2022 වසරේදී තිරගත වූ පළමු ‘The Batman’ චිත්‍රපටයෙන් වසර හයකට පසුව එහි දෙවන කොටස ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනු ඇත. මෙම නවතම නිර්මාණය සඳහා රොබට් පැටින්සන් සමඟ ස්කාර්ලට් ජොහැන්සන්, සෙබස්තියන් ස්ටෑන් සහ චාල්ස් ඩාන්ස් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එක්ව සිටිති.

චිත්‍රපටයේ කතා තේමාව හෝ නළු නිළියන්ගේ චරිත පිළිබඳ තොරතුරු තවමත් රහසිගතව පවතින අතර, බැට්මෑන්ගේ නැවත පැමිණීම සනිටුහන් කරන මූලික කැමරා පරීක්ෂණ දර්ශන කිහිපයක් පමණක් මේ වන විට නිකුත් කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version