අද අලුයම අතුරුගිරිය, ගොඩගම – බොරැල්ල ප්රධාන මාර්ගයේ ගෝවින්න මාවත අසලදී බරපතල රිය අනතුරක් සිදුවිය. කාර්ය මණ්ඩල ප්රවාහන බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අලුයම 4.15ට පමණ සිදුවූ මෙම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඔරුවල සහ හෝමාගම මූලික රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් බස් රථයේ රියදුරු රථය තුළ සිරවී සිටි අතර, ඔහු දැඩි පරිශ්රමයක් දරා පැයයි විනාඩි 45කට පසුව පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
මෙම අනතුර හේතුවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබුණි. අනතුරට ලක්වූ වාහන දෙකටම දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
