ලෝක පාපන්දු සම්මේලනය (FIFA) විසින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් විශේෂ ඇගයීමක් සිදු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, ජයග්‍රාහී කුසලානයට අමතරව කණ්ඩායමේ සාමාජිකයන් සඳහා ‘ශූරතා මුදු’ (Championship Rings) පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙවැනි ආකාරයේ සම්මානයක් පිරිනැමෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රමවේදයක් අමෙරිකාවේ පැවැත්වෙන NFL සහ NBA වැනි ක්‍රීඩා ඉසව්වලදී බහුලව දක්නට ලැබේ.

ලැබෙන වාර්තාවලට අනුව, මෙවර ජයග්‍රාහී කණ්ඩායම සඳහා මුදු 30ක් පිරිනැමීමට නියමිතය. මීට අමතරව, ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් තවත් මුදු 1,996ක් අලෙවි කිරීමට FIFA සැලසුම් කර ඇත.

මෙම මුදු සංඛ්‍යාවන්වල එකතුව 2026ක් වීමද සුවිශේෂී කරුණකි. ලෝක පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් හඳුන්වා දෙන මෙම පියවර පිළිබඳව මේ වන විටත් ක්‍රීඩා ලෝලීන් අතර විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version