ශ්‍රී ලංකාවේ නිවාස වෙළෙඳපොළට නව මානයක් එක් කරමින්, NovaNest Properties (Pvt) Ltd සමාගම සිය නවතම නේවාසික ව්‍යාපෘතිය වන ‘රේන්බෝ අපාර්ට්මන්ට්ස්’ (Rainbow Apartments) රත්මලානේදී නිල වශයෙන් ජනගත කළේය. කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පැවති උත්සවයකදී මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

නවීන නාගරික ජීවන රටාවක් අපේක්ෂා කරන නිවාස ගැනුම්කරුවන් සහ ආයෝජකයන් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා තිබීම සහ ප්‍රධාන ප්‍රවාහන සබඳතා ආසන්නයේ පැවතීම මෙහි ඇති සුවිශේෂී වාසියකි.

මෙම නිවාස සංකීර්ණය තුළ Infinity pool දෙකක්, ව්‍යායාම ශාලාවක්, පුද්ගලික සිනමා ශාලාවක්, ආපනශාලා සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වැනි නවීන පහසුකම් රැසක් අන්තර්ගත වේ. මීට අමතරව, නවාලෝක රෝහල් ජාලයේ අනුග්‍රහයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ගිලන්රථ සේවාවක් සහිත වෛද්‍ය මධ්‍යස්ථානයක්ද මෙහි නේවාසිකයන්ට හිමිවේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් NovaNest Properties සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමිත වෙද්‍යසේකර මහතා පැවසුවේ, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි උසස් ජීවන රටාවක් උරුම කර දීමට සමාගම කැපවී සිටින බවයි. නේවාසිකයන්ගේ සුවපහසුව සහ දිගුකාලීන වටිනාකම ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇති බව සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version