කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අල සහ එළවළු වගාවන් ඉලක්ක කර ගනිමින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන හරහා ගොවීන්ට තම වගාවන් සඳහා පුළුල් රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ බතල, මඤ්ඤොක්කා, කිරි අල, බීට්, ගෝවා, කැරට්, ලීක්ස්, බටු, බණ්ඩක්කා, බෝංචි, මාළු මිරිස්, තක්කාලි, කරවිල සහ වට්ටක්කා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත බෝග රැසක් ආවරණය කෙරේ.

ගොවීන්ට තම මූලික රක්ෂිත මුදලින් 7%ක වාරිකයක් ගෙවීම මගින් මෙම රක්ෂණ ප්‍රතිලාභ හිමිකර ගත හැකිය. ස්වාභාවික ආපදා, පාලනය කළ නොහැකි ශාක රෝග, කෘමි හානි මෙන්ම වන අලි ආක්‍රමණ හේතුවෙන් සිදුවන වගා හානි සඳහා මෙමගින් වන්දි ලබාදීමට නියමිතය.

ගොවීන් මුහුණ දෙන වගා අවදානම් කළමනාකරණය කරමින්, ඔවුන් අඛණ්ඩව කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටීමට දිරිගැන්වීම මෙම නව රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version