දිට්වා ආපදාව හේතුවෙන් පීඩාවට පත් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය සහ කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් ප්‍රතිසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය ලෝක බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇති බව අමාත්‍යාංශය පවසයි. රජය විසින් දැනටමත් ආපදාවට ලක්වූ සතුන් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදලට අමතරව මෙම නව වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන හරහා සත්ත්ව ආහාර සැපයීම, වසංගත රෝග පාලනය සහ සත්ත්ව සුබසාධනය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සහ ජානමය දියුණුව හරහා උසස් තත්ත්වයේ කිරි ගව පරපුරක් බිහි කිරීම ද මෙහි අරමුණයි.

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ මූලික අපේක්ෂාව බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. අදාළ ව්‍යාපෘතිය කඩිනමින් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version