ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා විසින් නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි විරෝධය පළ කර තිබේ.
එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇත්තේ කිසිදු පදනමක් නොමැති අසත්‍ය ප්‍රකාශයක් බවයි. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් ජනතාව නොමග යැවීමට දරන උත්සාහයක් ලෙස මෙය දකින බව නීතිඥ සංගමය පවසයි.
මෙම චෝදනා ද්වේෂ සහගත චේතනාවෙන් සිදුකර ඇති බවත්, තමන් වෙත එල්ල වන මෙවැනි දේශපාලන ප්‍රහාරවලින් නීති ප්‍රජාව නොසැලෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
නීතිඥ සංගමයේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට තමන් සැමවිටම සූදානම් බව අවධාරණය කරන නීතිඥ සංගමය, මන්ත්‍රීවරයාට අභියෝගයක් ද එල්ල කර ඇත.
එම අභියෝගයට අනුව, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, එම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදුකරන ලෙස නීතිඥ සංගමය මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියි.
